සෙ ක් සි වයිෆ්... කෙටි කතාව
- Get link
- X
- Other Apps
මං උ/ඹ දිහා බලාගෙනම හිටියා. පිරුණු ලැම නිතඹ පුළුල් උකුල උ/ඹට ගෙනාවෙ අමුතුම සරාගි බවක්.
සිරුරේ සෑම කෝමල රේඛාවක්ම කැපී පේන විඳිහට උ/ඹ ඇඳලා හිටපු නවීන පන්නයෙ මිලාදික ගවුම නිසා ඒ සාරාගී බව තවත් තීව්ර වෙලා කියලා මට හිතුනා.
සාදයේ උන්න හැම පිරමියෙක්ගෙම ඇස් යොමු වෙලා තිබුනෙ උ ඹ දිහාට. ඒ ඇස් උ ඹේ පපුවෙ නිතඹෙ උකුලෙ නතර වෙලා කියනවා මට පේනවා. අමුතුම ලාලිත්‍යකින් ඇවිඳින උ/ඹේ ගමනෙත් තියෙන්නෙ අමුතු ආකර්ශනයක්.
මොනා නැතත් පිරිමියෙකුට ඕනි..සෙ ක් සි වයිෆ් කෙනෙක්..ඕනිම තැනකට එක්කගෙන ගිහින් මේ මගෙ වයිෆ් කියලා අනිත් උන්ට අඳුන්නලා දෙන්න පුළුවවන් විඳිහෙ...
මීට අවුරුදු දෙකකට කලින් මං උ/ඹෙ/න් අයින් වෙන්න ඉදිරිපත් කරපු හේතු පාඨය මතක් වෙලා මටම හිනාගියා.
ඇත්තටම මේ ඉන්නෙ මීට අවුරුදු දෙකකට කලින් උපාසිකාවක් වගේ මගෙ ලඟ උන්න උ/ඹමද කියලා මට හිතා ගන්නවත් බෑ.
මගෙ ලඟ ඉන්නකං උ/ඹ මාව බලා ගත්තෙ අම්මා කෙනෙක් දරුවෙක්ව බලාගන්නවා ව ගේ ආදරෙන්. දාසියක් වගේ ගෙදර හැම වැඩ ක්ම කලේ කිසිම මැසිවිල්ලක් නැතුව.
ගෙදර වත්ත පිටිය හැමතැනම හැඬ කරපු උ/ඹට උ බේ හැඩවැඩ ගැන බලා ගන්න වෙලාව ක් තියෙන්න නැතුව ඇති.
තුන් තිස් පැයේම මං වෙනුවෙන්ම පේ වෙලා හිටපු උ/ඹට උ/ඹ ගැන හිතන්න ඕනි වෙන්න නැතුව ඇති.
ඒක නිසාම ද මන්දා මට උ/ඹ ව පෙනුනෙ නි කං ගෙයි මුල්ලට විසිකරලා දාපු කුණු කරෝල කෑල්ලක් වගේ.
උ/ඹ මං වෙනුවෙන් කොච්චර නැහුනත් මට උ/බේ අගයක් දැනුනෙ නැත්තෙ ඒ හින්දා.
චාරුනී මගෙ ජිවිතේට ආවෙ අහම්බෙන්.. ඒකි හරියට හුලඟක් වගේ මාව වෙලා ගත්තා. ඒ සරාගී සිරර මාව පිස්සු වැට්ටුවා.
මට ඕනි දේවල් මං ඉල්ලන්නත් කලින් දුන්න චාරුනී එක්ක බලද්දි මට උ/ඹව පෙනුනෙ අර දාගිය හේනේ හිටපු වදිරි මැහැල්ල වගේ.
මගෙ අස්සටම වෙලා මගෙන්ම ජීවිතේ හො යපු මං වෙනුවෙන්ම කැපවුන උ/ඹව මට දැනු නෙ මහා වදයක් විඳිහට.
මං පුළුවන් තරං උ/ඹ රිද්දද්දි අනිත් ගෑණු එක් ක සසදලා උ/ඹේ අඩුපාඩු කියද්දි ඇස් ලොකු කරලා බලන් හිටියා මිසක් උ/ඹ කවදාවත් මට වචනයක් කිව්වෙ නෑ.
උ/ඹේ ඒ නිහඩ බව මට දැනුනෙ මහා නියාළු කමක් විඳිහට. ඔව් මට තවත් උ/ඹ වගේ ගෑ?ණි යක්ව ඕනි වුනේ නෑ. චාරුනී මගේ හිතේත් ගතේත් හැම අහුමුල්ලමක ලැගුම් අරගෙන තිබුනා. ඔව් අන්තිමට මට උ/ඹෙන් වෙන් වෙන්න ඕනි වුනා.
මට උ/ඹෙන් ඩිවෝස් වෙන්න ඕනි කියලා කියපු වෙලාවත් උ/ඹ ඇහුවෙ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ මට උ/ඹව එච්චර එපා වුනේ ඇයි කියලා විතරයි.
ඔව් එතකොට තමා මං උ/ඹ/ට කීවේ මොන දේ නැතත් මිනිහෙකුට ඉන්න ඕනි සෙක්සි වයිෆ් කෙනෙක් කියලා..
තවත් වචනයක්වත් අහන්නෙ නැතුව උ\ඹ මගෙන් අයින් වෙලා ගියා. අවසාන දවසෙත් උ?ඹ කීවේ සතුටින් ඉන්න කියලා විතරයි. මට හිතුනෙ මං මහා කරදරයකින් ගැලවුනා කියලා.
චාරුනී මගෙ ජිවිතේට හැම සතුටම අරං එයි කියලා හිතුවා. ඒ වගේ සරාගී සුන්දර බිරිදක් ලැබෙන එක මිනිහෙක්ගෙ පෙර වාසනාවක් තියලා මට හිතුවා. පහුවෙලා හරි ඒ වාසනාව මට ලැබුනා කියලා මං හිතුවා.
ඒත් චාරුනී උ/ඹ වගේ වුනේ නෑ කවදාවත් ඒ/කිට ඒ/කිගෙ ලස්සන නඩත්තු කරන් සෑහෙ න්න සල්ලි ඕනි වුනා.
ඒ/කි බලාගත්තෙ ඒ කි ගෙ ලස්සන ගැන විතරයි මං ගැන බලන්න ඒ/කි ට වෙලාවක් තිබුනෙ නෑ. ජිම් යන්න සැලොන් යන්න එක එක විටමින් ජාති කෑම ජාති ගන්න සල්ලි ඉල්ල ගන්න විතරයි ඒ/කි ට මාව ඕනි වුනේ.
ගෙදර දොර බලාගෙන ඉද්දි අපායක් වුනා.
ෆිගර් අවුට් යනවා කියලා දරුවෙක් හදන්න බෑ කිව්වා. මං උන්න ද මලා ද කියලා හොය න්න ඒ/කි ට වෙලාවක් තිබුනෙ නෑ. කොච්චරවත් ඕනි වුනේ සල්ලි. ඇඳුම් ගන්න අර පාර්ටි මේ පාර්ටි වලට යන්න.
ඉතිං ඒ ඉල්ලන ඉල්ලන දේවලට දෙන්න මට සල්ලි තිබුනෙ මගෙ සොච්චම් පඩියෙන් ඒ හැමදේම කරන්න මට බැරිවුනා අන්තිමට මං වැඩ පොලෙන් හොරකං කරන්න පුරුදු වුනා. අවසානෙ ඒක අහුවෙලා මගෙ රස්සාව නැති වුනා.
සෙ ක් සි වයිෆ් කෙනෙක් මේන්ටේන් කරන එක හුඟක් මිලාධික වැඩක් කියලා...
චාරුනී මාව දාලා වෙන එකෙක් එක්ක ගියා. අවසානෙ මං තනි වුනේ හැමදේම නැති කර ගෙන.
පහුගිය අවුරුද්ද පුරාම මට උ ඹ ව මතක් වුනේ නැති වෙලාවක් නෑ. මට උ/ඹ ව හොයාගෙන එන්න ඕනි වුනා උ ඹෙ න් සමාව ගන්න ඕනි වුනා. ඒත් ඒ කිසිම දේකට මට හිත හදා ගන්න බැරිවුනා.
අදත් මම උ/ඹව දැක්කෙ අහම්බෙන්. මම අමා රුවෙන් හොයාගත්ත අළුත් රැකියා ස්ථානෙ ප්‍රධානියාගෙ ගෙදර තිබුන සාදෙට එයා මට ආරාධනා කලා.
අනෙක් සෑම සේවකයෙකුටම වගේ සාමාන්‍ය විඳිහට. ඉතිං එහෙම ආපු මට උ ඹ දකින්න ලැබුනා අසාමාන්‍ය විඳිහට.
උ/ඹ හරි ලස්සන වෙලා. හිනාව පිරුණු මූනෙන් පේනවා ඉන්නෙ සතුටින් කියලා. වෙනදා තිබුන කනස්සළු ගතිය අද උ/ඹ ලඟ නෑ.
හිටි හැටියෙම මගෙ ප්‍රධානියා ඇවිත් උ/ඹේ අ තින් අල්ල ගත්තා. උ/ඹ ලස්සනට හිනා වෙ ලා එයා දිහා බැළුවා. ඔය වමතෙ ලස්සන මං ගල මුදුවක් දිලිසෙනවා මට පෙනුවා.
ඔව් උ/ඹ මගෙ ප්‍රධානියාගෙ බිරිඳ. ඇත්ත කිසි ම පිරිමියෙක් උ/ඹ වගේ ගෑ ණි යෙක්ව ලේසි යෙන් අතාරින්නෙ නෑ.
මිත්‍රවරුනි අද මම මේ සාදය පවත්වන්නෙ මගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්..ඈ තමා මට අළුත් ජීවිතයක් ලබාදුන් දේව දූතිය මා අද මේ විඳින සැම සතුටකම හිමිකාරිය ඇයයි..මා ඔබ ඉදිරියේ මෙසේ හිස ඔසවා සිටින්නේ ඈ නිසයි
මා වාසනාවන්ත සැමියෙක් ඒ ඈ වන් බිරිඳක් ලැබු නිසාවෙන්... මා ප්‍රාර්ථනා කරනවා මගේ සියළු තනිකඩ මිතුරන්ට ඈ වන් බිරිඳක් ලැබේවා කියා..
මගේ ප්‍රධානියා කියවගෙන යනවා. ඒ වචන වල තියෙන්නෙ අමුතු උද්යෝගයක් අමුතුම භක්තියක්. ඔහු උ/බේ හැඩ රුව ගැන වදන ක්වත් දෙඩුවෙ නෑ.
අඩුම තරමින් තමාට සුන්දර බිරිඳක් සිටින බව ගැන ආඩම්බර වුනේ නෑ. ඔහුට උවමනා වුනේ සරාගි ගැහැනියක් නොවේ සුන්දර බිරිඳක් ඉතිං ඔහු ඒ වාසනාව හිමිකර ගත්තා.
හදිසියෙන් උ/ඹ මාව දැක්කා. මං උ ඹව දැක්කා වගේම අහම්බෙන්. ටික වෙලාවකින් උ/ඹ හිටියෙ මගෙ ඉස්සරහා. ඔය ඇස්වල කිසිම තරහක් වෛරයක් නෑ. ඉස්සර වගේම හරි පිරිසුදුයි පුන්‍යවන්තයි.
තිසල්... ඕනිම ගෑ ණි යෙකුට සෙ ක් සි වයිෆ් කෙ නෙක් වෙන්න පුළුවන් ඒත් හුඟක් පිරිමින්ට සෙ ක් සි වයිෆ් කෙනෙක් මේන්ටේන් කරන්න අමාරුයි...
මගෙ දිහා බලාගෙන ඒ වචන ටික කියපු උ/ඹ මට වචනයක්වත් කියන්න ඉඩ දෙන්නෙ නැතු ව මගෙ ලඟින් පිටවෙලා ගියා.
අත දිගෑරලා කම්මුලට ගහපු තද කම්මුල් පාර කට වඩා තදට ඒ වචන ටික මගෙ පපුවට වැදුනා
නිමි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment