මම නිකිල
මම නිකිල සුලක්ශන ඒකනායක. මගෙ තාත්තා ප්‍රසිද්ද මැනික් ව්‍යාපාරික යෙක් . මගෙ අම්මා ඩොක්ටර් භාගයා සදරුවනි ඒකනායක. ඒ දෙන්නට කියලා ඉන්න එකම මැනික් ගල තමයි මේ මම . මන් ගොඩක්ම මියුසික් වලට බර කොල්ලෙක් මම කැමතිම ගොඩක් ම රිලැක්ස් එකෙ ඉන්න තමයි. උසස්පෙල පටන් ගත්ත නිසා ආයෙමත් සුපුරුදු පරිදි ස්කෝලෙට එන්න උනා ඉතිම් .
තම්දෙන තානා-සෙම්බු නලෝලා...අපි එක් වීලා - නටමු එරන් කලේයා.....
අපෙ ඉස්කෝලේ - පුංචි එවුන් නේ....
සෙල්ලම් ලෝකේ- අද මෙන්න පෙනේයා....
සද්ද නගාලා දැන් - ගීත ගයා පන්නේ....
"අඩෝ අඩෝ හාමුදුරුවා වඩිනවා .. නිකිලයා ඕක නවත්ත ගනිම් බල්ලෝ"
මම හීමීට බෙර ගගා හිටිය පෑන් දෙක සාක්කුවට දාගෙන ශේප් එකේ මීඩියා පොත අතට ගත්තා. පපුව ගැහෙන වේගෙ වැඩිද මන්දා පොතෙ පිටුත් පෙරලෙන්නෙත් නෑ.
"මේ ලමයිට දැන් මොකක්ද තියෙන පීරියඩ් එක . අනිත් පන්ති වලටවත් උගන්නන්න බෑ සද්දෙ නාඩගම් මඩුවක් කියලා හිතුවද මේක කව්ද මේකේ පන්ති නායකයා .
හාමුදුරුවෝ හිටියෙනම් අසූ හාර දාහට මලපැනලා වේවැලත් දික් කර කර පන්ති නායකයා හොයනවා. දෙයියනෙ මගෙ අති ජාත මිත්‍රයා මේ වෙලේ පන්තියෙ නෑ . පන්ති නායකයා උනාම පන්තියෙ ඉන්න ඕනි . ඒත් අපෙ එකා එහෙම නෑ ඌ පන්තියේ ඉන්න වෙලාවක් නැති තරම්. මොනා උනත් ඌව පාවලා දෙන්න බැරි නිසා යාලුකම නාමයෙන් මන් ඉදිරිපත් වෙනවා කියලා හිතාගෙන ඉස්සරහට අඩියක් ගියා.
"ආදිත්‍යට පොඩි බඩේ අමාරුවක් සාදු . පොඩි කිව්වට පොඩිත් නෑ . ඊයෙ රෑට කොත්තුවක් කාලා අද උදේ ඉදන් වොශ් රූම් යනවා . දැනුත් වොශ් රූම් එකට යනවා කියලා ගියා." මම බිම් බලාගෙනම හාමුදුරුවෝ ඉස්සරහා එහෙම කිව්වෙ කෙලින් බලාගෙන හාමුදුරු කෙනෙක් ඉස්සරහා බොරු කියන්න හොද නැති හින්දා. කොමත් හොද නෑ තමයි ඒත් ආදිව අල්ලලා දෙන්නත් බෑ .
" හරි මන් ආවෙත් ආදිත්‍ය හම්බෙන්න තමයි ආව කාරනෙත් අමතක උනා මේ ලමයිගෙ කෑගැහිල්ලට . හරි ඒ ලමයා ආවාම එන්න කියන්න මගෙ රූම් එකට . එකෙක් හරි බජව් දාලා තිබ්බොත් මට ඇහෙන්න මම කටින් නෙවෙයි වේවැලෙන් කියලා දෙන්නෙ දැන් ඉදගෙන පොතක් බලාගන්නවා"
හාමුදුරුවෝ ගිහින් විනාඩි පහක් යන්න හම්බුන්නැ මගේ අතිජාත මිත්‍රයා ආදි ආවා. දාඩියත් පෙරාගෙන ඇවිත් පිටිපස්සෙම පේලියෙන් ඉදගත්තා. මූ අද නිකන් වෙඩි කාපු ඌරා වගේ. මොකක් හරි වලියක්වත් දාගෙනද දන්නෑ. දවසකට හරි වලියක් දාගත්තෙ නැත්තම් මූටත් ඉතින් නින්ද යන්නෑ. මමත් ගිහින් ඌ ලගින්ම ඉදගත්තා..
"ආදි මොකෝ බන් මේ බලපන් හැටි ආයේ මොකා එක්කද උබ පැටලුනේ. යකෝ උබට යනතැනක් කියලා ගියොත් හෙන ගහනවද ආ.." මොනා උනත් මූ මගෙ හිච්චි කාලෙ ඉදන් යාලුවා මට බය මූ වලි වලට පැටලිලා මූට මොකක් හරි වෙයි කියලා මූ ඒ තරම්ම කුකුල් කේන්ති කාරයෙක්. මූ එක්ක ඉදලද මන්දා මටත් ඉවසීම කියනදේ නම් ගෑවිලාවත් නෑ.
"උබ දන්නවනෙ බන් මන් නිකන් පැටලෙන්නෑ කියලා . අදත් අර නිමේශයා පොඩි එකෙක්ට ගහලා බන් ඌ උගෙ තාත්තගෙ හයි කාරකම් පෙන්නන්න පොඩි උන්ව අල්ල ගන්නවා. " ආදිගෙ ඇස් දෙක රතු වෙලා කේන්තියට. උගේ කෙන්තිය කොච්චර කියනවනම් අබ අහුරක් මූනට දැන්ම නම් සට පට ගාලා පුපුරන්නෙ.
"අත ඇරලා දාපන් බන් උන්ගෙ තාත්තා ඇමතියෙක් කියලා අපිට පාන්ද. කව්‍ද බන් නිමේශයව ගනන් ගන්නෙ . උබ උන් එක්ක පැටලෙන්න යන්න එපා " මම ආදිගෙ කේන්තිය දන්න නිසා ඌව ටිකක් රිලැක්ස් කරලා මූ මේ ඉන්න විදියට යකෝ මටත් බය හිතෙනවා මූ දැක්කාම. මන් මූවත් නැගිට්ටවගෙන කැන්ටින් එකට යන්න හදනකොට හසිතයා දුවගෙන එනවා දැක්කා අපිගාවට ගාල කඩා ගත්ත හරකා වගේ.
"කොහෙද හසිතයෝ මේ දුවන්නේ" මූ ආව වේගට ආදිගෙයි මගෙයි ඇගෙත් හැප්පිලා නතර උනේ
"උබලා දෙන්නව තමයි හෙව්වේ මන් . යමන් පල්ලෙහාට අලුතෙන් ලමයි වගයක් ඇවිල්ලා අපේ සෙක්ශන් එකටත් ඉන්නවා .කෙල්ලොත් ඉන්නවා බන්. අපෙ උන් දැම්ම තියාම උන්ව රැක් කරන්න පටන් අරන් පව් බන් එකෙක්ගෙන් කිරිහොදි හදන හැටිත් අහනවා." හසිතයා ඒක කියලා ඉවර වෙනකොටම මටත් මතක් උනේ අද ඉදන් චූටිත් අපේ ඉස්කෝලෙට එනවා කිව්වා කියලා .මන් ඉක්මනට චුටිව බලන්න කියලා ආදියි හසිතයයි එක්ක පල්ලෙහාට ගියා.
චුටි කියලා කිව්වට මෙයා අපේ තාත්තගෙ හොදම යාලුවගෙ දුව එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම චුටි පොඩි කාලෙදිම ඇක්සිඩන්ට් එකක් වෙලා නැති උනා. චුටිගෙ පවුලේ කෙනෙක්ට කියලා ඉන්නෙ එයාගෙ නැන්දා විතරයි . ඒත් දන්න තරමින් චූටි ගැන වැඩිය හොයලා බලන්නෙත් නැ. චුටිගේ තාත්තගෙ බිස්නස් බලාගන්නවා ඇරෙන්න චුටි කෑවද බිව්වද බලන්නැ . ඒ තරමටම චුටි තනි වෙලා.
චුටි පොඩි කාලෙ ඉදන්ම මම තමයි එයාගෙ සහෝදරයා වගෙ හයියට හිටියේ. එයාව මට පුලුවන් විදියට මගෙම නංගියෙක්ට වගේ බලාගන්නෙ පරිස්සම් කරන්නෙ. චුටි මට වඩා මාස පහයි බාල . චුටි කිව්වට මෙයා සෙනුරි ලිහන්සා ගජනායක. ගජනායක ෆැමිලි එකේ අන්තිම පුරුක. සුදු පාට හමක් එක්ක ඉනෙන් පල්ලෙහාට දිග හෙයා එක නිසා එයා බාබි ඩෝල් කෙනෙක් වගෙ හරි හැඩයි .දුබුරු පාට ඇස් හිනාවෙද්දි වල ගැහෙන කම්බුල් මෙයාවනම් දෙවියෝ නිදහසේ මවපු ලස්සන කෙල්ලෙක්. අහිංසක කමේ ප්‍රති මූර්ති කිව්වත් කමක් නෑ.
මම පල්ලෙහා මේන් හෝල් එකට යනකොට එතන අලුත් ලමයි ගොඩක් පිරිලා හිටියා ගෑහැනු පිරිමි දෙගොල්ලගෙන්ම . හසිතයා කිව්ව වගෙම මුන් රැක් කිරිල්ල පටන් අරන්. මන් යනකොට චූටි ඇස්දෙකේ කදුලු පුරෝගෙන පුටුවක් උඩ නැග ගෙන.
"දැන් ඔයා කියන්න බලන්න අපි හැමෝටම ඇහෙන්න හයියෙන් කට ඇරලා ඔයාගෙ නම"
චුටිට මේ දෙවල් ටිකක් නෙවෙයි ගොඩක් නුහුරුයි මොකද එයා කලින් ගියේ ගර්ස් ස්කූල් එකකට ඉතින් පිරිමි ලමයි ආශ්‍රය කරලා තියෙන්නෙ හරි අඩුවෙන් ඉතින් චුටිට හිතාගන්න බෑ මෙතන මොනවගෙ දෙයක් වෙනවද කියලවත් . එයා ටිකක් බයවෙලා වගෙ.
"සෙනුරි ලිහන්සා ගජනායක"
චූටි එයාගෙ නම කිව්වේ හරිම හිමීට
" මොකක්ද මට ඇහුන්නෑ හයියෙන් කියන්න " හැමෝම වගෙ හිනාවෙවී චුටි දිහා බලන් හිටියා . මට තවත් මේ වෙන දෙ බලන් ඉන්න බෑ මොකද චූටිට කවුරුත් හිනාවෙනවට වත් මන් කැමති නැ. මම ඉක්මනට චූටි ලගට ගියා.
" චූ...නෑ මේ සෙනු බහිනවා පුටුවෙන් පල්ලෙහාට " මට හැමෝම ඉස්සරහා චූටි කියලා කියවෙන්න ගිහින් අනූනවයයි තුන් කාලෙන් බේරුනා. බැරි වෙලාවත් මෙතන මම චුටි කියලා කිය උනානම් මුන් සේරම එකතුවෙලා චුටිවයි මාවයි බන්දවලා පිටත් කරලත් ඉවර කරයි එච්චර හොද යාලුවෝ ටිකක් මට ඉන්නෙ. මම සෙනුට චූටි කියලා කතා කරනවා කියන්න දන්නෙ ආදියි හසිතයයි අපෙ ගෙදර අයයි විතරයි.
"හොව් හොව් මේ උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ උබ දන්නවා මේක හැමපාරම කරන දෙයක් කියලා . පාඩුවෙ ඉදපන් අපි මෙතන මෙයාව බඩ කරේ නෑනෙ . අනික උබට තියෙන අමාරුව මොකක්ද. ඇයි උබේ කෙල්ලද මේ"
දිමුතුව මාත් එක්ක එකට එක කියන් ආවා. චූටි පුදුමෙන් වගෙ මන් දිහයි දිමුතුවා දිහයි මාරුවෙන් මාරුවට බලනවා. මගෙත් දැන් රතු කට්ට පනින්න ඔන්න මෙන්න .
" මේකයි මචන් සෙනූ කියන්නෙ මගෙ කසින් කෙනෙක් ඊටත් මේ මගෙ නංගි . මට උබ එක්ක ආගිව් කරන්න උවමනාවක් නෑ . අයියා කෙනෙක් විදියට මන් කැමති නෑ මන් ඉස්සරහා මෙහෙම දෙයක් වෙනවට සෙනු එනවා යන්න මාත් එක්ක ". දිමුතුවටත් දෙකක් රවලා සෙනුවත් එක්කන් ආදියි හසිතයයි එක්ක අපි එතනින් එලියට ආවා.
"චූටි මේ තමුසෙ එක එකා කියන දෙවල් කරන්න ලෑස්ති වෙන්න එපා " මම චූටිටත් දෙකක් රැව්වා. ඒකිගෙ ඇස් වල කදුලු පුරෝගෙන මන් දිහා අහින්සක විදියට බලන් ඉන්නවා. ඔන්න ඕකනෙ කරන්න බැරි මේකි මෙහෙම බලද්දි මගෙ කෙන්තියත් නැති වෙනවනෙ.
"මන් දැනන් හිටියෙ නෑ සුදු අයියේ ඇයි එයාලා එහෙම කරන්නෙ " චුටි මට කියන්නෙ සුදු අයියා කියලා පොඩි කාලෙ ඉදන් එහෙමයි . මන් එච්චර සුදුත් නෑ ඒත් සුදු අයියා කියද්දි පොඩි ගැම්මක් එනවා හිතට . ඇයි යකො මෙච්චර තලෙලු සමක් හිමි මට සුදු අයියෙ කියලා කෙල්ලෙක් කියද්දී. ආව් ආව් පාරාක්‍රම බාහු ගැම්ම ගනින් නිකිලා හිතට උබට වරදින්නෑ.
" එහෙම කරන්නෙද එහෙම කරන්නෙ ඔයා මේ ස්කෝලෙට සුදුසුද නැද්ද කියලා බලන්න " හසිතයා ඒ අස්සෙ චුටිගෙ ඔලුවට තව විකාරයක් දැම්මා. අයියෝ මේ මෝඩිට ඒකවත් තෙරෙන්නෑ අප්පා.
" එතකොට මගෙ යාලුවා නිකීගෙන් කිරි හොදි හදන විදිය ඇහුවා . මට හදන්න බෑනෙ සුදු අයියේ එතකොට මාව ගන්නෙ නැද්ද" චූටි මගෙ අතින් ඇද ඇද ගහනවා එයාව ස්කෝලෙට ගන්නෙ නැති වෙයිද කියලා .
" අහ් ඒකට බය වෙන්න එපා සෙනූ ඔයාගෙ සුදු අයියා දන්නවා හොදට කිරි හොදි හදන්න ඔයාට හදන විදිය කියලා දෙයි නේද නිකිලයෝ" එ අස්සේ හසිතයට හරියන්න ආදිත් පොහොර දානවා මුන් දෙන්නා එක්ක ඉන්නවට මට ගහන්න ඔනි මන් දෙන්නටම හොදවගෙන් දෙකක් රැව්වා.
"එහෙනම් සුදු අයියෙ මට කිරිහොදි හදන්න කියලා දෙනවද..." චූටි හිතන් ඉන්නෙ දැන් මට කිරි හොදි හදන්න පුලුවන් කියලද .අනෙ චුටියො මුන් හදන්නෙ ඔයාවයි මාවයි බයිට් කරන්න තව මෙතන හිටියොත් මේ කිරි හොද්ද ගං වතුරක් වෙන්න බැරි නෑ.
" හ්ම්ම්... දැන් ඔයා ක්ලාස් එකට යන්න චුටි හවසට ගෙට් එක ලග ඉන්න මන් එක්ක යන්න පුලුවන්නෙ ." මන් චුටිව එයාගෙ ක්ලාස් එකට යැව්වා . මුන් දෙන්නා මන් දිහා බලලා අමුතුවට හිනා වෙනවා.
"අනෙ හරි හිනා උබලටත් " මන් උන් දෙන්නටත් රවලා ගස්සගෙන ක්ලාස් එකට යන්න ගියාම. ආයෙ හසිතයා කෑ ගහනවා ඇහුනා.
"ඒ මේ නිකිලයෝ අහපන්කෝ "
" ඇයි කියපන්"
" සුදු අයියේ මට කිරි හොදි හදන්න කියලා දෙනවද" හසිතයි නිකිලයි කරට අත් දෙක දාගෙන බඩ අල්ලන් මට හිනා වෙන්න ගත්තා. මන් උන් දෙන්නට රවලා මැද ඇගිල්ලත් උස්සලා පෙන්නලා එතනින් ආවා.
ඉතින් පොඩි කාලයක් ඇතුලද චූටි අපෙ ස්කෝලෙට සම්පූර්නයෙන්ම වගෙ හුරු උනා චුටි ගැන ගොඩක් අය දැනන් හිටියේ චුටි මගෙ නංගි කියලා. ඉතින් කවුරුත් චූටිට වචනයක් වත් කියන්න ගියෙ නෑ. චුටිගෙ ක්ලාස් එක අපේ ක්ලාස් කිට්ටුවම නිසා මට චුටි ගැන වැඩි අවදානක් දෙන්න ඔනි උනෙ නෑ මොකද හැමවෙලේම වගෙ අපෙ ක්ලාස් එකට යන්නෙ ඒ ක්ලාස් එක පහු කරගෙන නිසා.
අද වගෙ දවසක තමයි චූටිගෙ අම්මයි තාත්තයි නැති උනේ . වාසනාවකට වගෙ එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් චූටිගේ ජීවිතේ බේරුනත් චූටි හැමදාම වගෙ ඒ දෙන්නා නැති වේදනාවෙන් ජීවත් උනා . චූටිට ඒ දෙන්නා නැති වෙද්දි අවුරු 10 වගෙ ඇති. චුටි එයාගෙ නැන්දා ලග හැදුනා උනාට නැන්දා එයාට වඩා චුටිගෙ අම්මගෙ තාත්තගෙ බිස්නස් බලා ගන්නවා විතරයි . නැන්දට ඔනි උනේ චූටිගෙන් කෝම හරි නිදහස් වෙන්න . මන් හිතන විදියට චුටිගෙ ස්කෝලෙ ගමන ඉවර වෙනකන් තමයි බලන් ඉන්නේ. ඒ කරලා එයාව ඉක්මනට බන්දලා දෙන්න. ඉතින් චූටිත් එක්කන් මායි ආදියි හසිතයි චූටිගෙ හොදම යාලුවා නිකීයි අපි පස් දෙනා මේ යන්නෙ චුටිගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොන ලගට.
" සුදු අයියේ ඔයාට පේනවද අතන ගහ " චුටී සොහොන ගාවට ගන පාරේ අයිනේ තිබ්බ ගහක් පෙන්නලා මගෙන් ඇහුවා.
" අහ් ඔව් ඒක අරලිය ගහක්නේ . අර මලුත් පිපිලා තියෙන්නෙ" ඒක ටිකක් ලොකු අරලිය ගහක් සුදුම සුදු පාටට ගහාපුරාවටම මල් පිපිලා. ඒ ගහෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙත් නෑ ඒ තරම්ම ඒ ගහ ලස්සනයි.
" ලස්සනයි නේද සුදු අයියෙ ඒ මල් . " මන් දැක්කා චූටිගෙ ඇස් ඒ ගහා දැකලා දිලිසෙනවා . මෙච්චර ලස්සන මලක් මගෙ ලග ඉද්දී මේ මල් මොනාද චූටි. දෙයියනේ මේ මොනාද මන් හිතන්නෙ . මේ ඉන්නෙ මගෙ නංගි. දැන් නම් විකාර හිතන එක වැඩි වෙලා නිකිලා හරි සිහියට වරෙන් .
"ආ... ඔව් චූටී ඔයා ආසද ඒ මල් වලට ඉන්න මන් කඩලා දෙන්නම් ඔයාට" මම චූටිට අරලිය මල් පොකුරක්ම කඩලා දුන්නා . අනේ කෙල්ලගෙ මූනට නිකන් හද පායලා වගේ.
" සුදු අයියා දන්නවද දෙයක්"
" කියන්න එපෑ චූටි දැන ගන්න"
"මේ මල් වලට ආත්මීය සුවදක් තියෙනවා . කවුරුත් වැඩිය ආදරේ කරන්නෑ ඒත් මේ මලකට පුලුවන් හිතක් නිවන්න . සුදු අයියා දන්නවද . මන් ආසම මල අරලිය මල. මාත් හරියට අරලිය මලක් වගේ. මගේ හිතේ තියෙන දෙවල් හරියට මේ පෙති අස්සෙ තියෙන රේණු වගේ ". එයා එක අරලිය මලක් කඩලා මට දුන්නා.
" කෝ මේකෙ රේණු නෑනේ" මන් මල වටේම කරක කරක රේනු හෙව්වා.
" ඕකෙ රේණු පිටට පෙන්නෑ සුදු අයියේ . හැම පෙත්තකටම කා වැදිලා තියෙන්නෙ. ඒවා වෙන් කරන්න බෑ. ඒ වගෙ තමයි මගෙ හිතේ තියෙන මගෙ හැගීම් ආදරෙ මොනදේකින් වත් වෙන් කරන්න බෑ." චූටි මට ඒ කිව්ව දේ එච්චර ලොකුවටම තෙරුන් නැති උනත් මන් හිතන්නෙ එයාගෙ දෙමව්පියන් නැති අඩුව වෙන්න ඇති කියන්න ඇත්තේ. මට ඒ දෙන්නා නැති අඩුව පුරවන්න බැරි වෙයි චුටි කවදාවත් .
" සුදු අයියේ ඔච්චර කල්පනා කරන්න දෙයක් නැ අපි යන් " එහෙම කියලා චුටි යන දිහා බලන් ඉදලා මන් ආයෙ එයා මට දුන්න මල දිහා බැලුවා. ඇත්තටම මන් මේ මල් ඕනි තරම් බලලා ඇති හැබැයි මෙච්චර ඕනි කමින් කවදාවත් බලලා නෑ. මන් ඒ මල අරන් ඉබලා බැලුවා. චුටි කිව්වා ඇත්ත ඒ මල හරිම සුවදයි ඒක කියන්න තෙරෙන්නෑ
මහා අමුතු සුවදක් මුලු හිතම පිරිලා යනවා . මන් ඔනි තරම් රෝස මල් දැකලා ඇති. ලස්සන ලස්සන මල් කොච්චර දැකලා තිබ්බත් ඒ හැම මලකටම වඩා මට අද මේ අරලිය මල ලස්සනට පේනවා.මන් තව පාරක් ඒ මලේ සුවද බැලුවා.
වැඩි වෙලාවක් යන්න උන්නැ මගෙ පෙරේතයෝ දෙන්නා ඇවිල්ලා ඒ හැගීම බින්දා.
" තෝ මෙතෙන්ට වෙලා මල් වල සුවද බල තනියම ලව් කරනවද. අන්න උබේ මල ගියා " ආදි මගෙ කරටත් අතක් දාගෙන එහෙම කියද්දි තමයි මන් හරි සිහියට ආවේ.
" උබ මල් කඩනවත් දැක්කා . මන් ඉබිනවත් දැක්කා එහෙනම් රෝමියෝ අපි යමුද ජුලියට් ලගට . අන්න උබෙ අරලිය මල ගියා . උබ මෙතන මල් ඉබ ඉබ ඉදහන් " ඔක්කොටම හරි මුගෙ හැකර කට තමයි අවුල
"උබලා හිතන දෙයක් මෙතන උනේ නෑ බන් වරෙන් යන්න " මන් උන් දෙන්නගෙ ඇගත් හප්පගෙන දෙන්නටම රවලා එතනින් ආවා.
" මේ නිකිලයා අපිත් අවදානෙන් ඉන්නෙ"
අරුන් දෙන්නානම් හදන්න බෑ මන් උන් දෙන්නට මැද ඇගිල්ල පෙන්න ගෙන එතනින් ගියා.
අපි සොහොන ලගට ගිහින් එද්දි ටිකක් හවස් උනා ඉතින් චූටිවයි එයාගෙ යාලුවයි ගෙදරට දාලා අපිත් ගෙදර ආවා.
අරුන් දෙන්නනම් ආව ගමන් අපේ අම්මව හොයාගෙන කුස්සියට ගියා. මන් එහෙම්මම වොශ් එකක් දාන්න කියලා හිතන් රූම් එකට ආවා . කලිසමේ සාක්කුවෙ මොනා හරි තියේ වගෙ දැනුන නිසා අත දාලා බැලුවා .
අහ් චූටි දුන්න අරලිය මල. මට ඒක දැක්කාම ආයෙ චුටිව මතක් උනා පව් මගෙ අහිංසක කෙල්ල. මන් ඒ මල ආයෙම අල්මාරිය ඇරලා ලාච්චුවට ආලා වැහුවා. මට ඒ මල වටිනවා . හේතුව මන් වත් දන්නෑ . මන් හිතන්නෙ දැන් ඉදන් මන් ආසම මල අරලිය මල වගේ. නිකිලයෝ උබටනම් පිස්සු තද වීගෙන එන්නේ. මන් එහෙම්මම ඇදට පැන්නා.
"සුදු පුතා තාත්තා කතා කරනවා. පහලට එන්නකො"
ඔන්න ඉතින් අදත් අපෙ අම්මගෙ මිනි කින්කිණි රාවය දිගේ පහලට ඇදීගෙන ගියා.
"මේ එනෝ"
අද ඉරිදා දවසක් නිසා අපේ ගෙදර ඔක්කොම එකට ඉන්න දවසක්.නැත්තම් අපෙ අම්මත් හොස්පිටල් ගානෙ තාත්තටත් හැමදාම බිස්නස් මීටින් ඉවරයක් නෑ.
"සුදු පුතා ටිකක් ඉදගන්නකො ඔතනින්" තාත්තට මොකද දන්නෑ හදිස්සියේම මාත් එක්ක මෙහෙම කතා කරන්න යන්නේ.
"කියන්න තාත්ති මොකක්ද සීන් එක තත්වෙ බරපතලද" තාත්තයි මායි ඉතින් පිය පුතු බැදීමට වඩා බැදීමක් අපි දෙන්න අතර තියේ. මන් නම් හිතන්නෙ මන් තමයි වාසනාවන්තම ලමයා මේ වගෙ තාත්තෙක් ලබන්න. දරුවෙක්ට ලැබෙන්නම ඔනි මට වගෙ දෙමව්පියො දෙන්නෙක් . චූටිටත් එයාගෙ අම්මයි තාත්තයි හිටියනම. මොනවගෙ ආදරේ කරයිද .සෑක් මේ වෙලෙත් එයාවමනෙ මතක් වෙන්නෙ අප්පා.
" පුතා අපේ ලොකු බිස්නස් පාටියක් තියේ මේ ලගදි. අපේ ලගම අයට තමයි ඉන්වයිට් කරලා තියෙන්නෙ . ඒකත් ෆැමිලි එක පිටින් ආරාදනා කරලා තියෙන්නෙ. නොයා නම් ඉන්න බෑ පුතා තෙරුනාද අම්මයි ඔයයි අනිවාරෙන් මාත් එක්ක එන්න ඔනි. මන් ඔයාට මෙහෙම කතා කරෙ ඔයාගෙ උත්තරෙ දන්න නිසයි."
"ඉතින් උත්තරෙ දන්නවනම් තාත්ති ඇයි මට කතා කරේ"
තාත්තා දන්නවා මන් කොමත් එයාගෙ පාටි වලට යන්න කැමති නෑ කියලා . අම්මානම් යනවා ඒත් තාත්තිට මේ පාර මාවම ගෙනියන්න තියෙන උවමනාව රෙද්ද.
" මේක තේරුම් ගන්න පුතා මේ හැමදේම මන් කරන්නෙ ඔයා වෙනුවෙන් .එදාට හැමෝම එනවා පුතා ඒ අයව හම්බෙන්න ඔනි මගෙ පුතා කියලා එයාලට අදුන්නලා දෙන්න ඔනි "
"තාත්ති මට තාත්තිගෙ දෙවල් බලාකියාගන්නවට වඩා මගෙම මහන්සියෙන් ඔය දෙන්නව බලාගන්න ඔනි කියලා තාත්ති දන්නවනෙ . " මන් ආස නැ තාත්තා මහන්සියෙන් හම්බ කරපු දේවල් වලින් ජීවත් වෙන්න . මට ඔනි තාත්ති වගෙ තමන්ගෙම මහන්සියෙන් නැගිටලා ඒ දෙන්නව බලාගන්න.
" අහ් සුදු පුතා මන් ඒක දන්නවා ඒත් බන් මේකට යන්නම ඔනි" තාත්ති මගෙ අතිනුත් අල්ලන් එහෙම කිව්වා. ඒත් මගෙ තීරනෙ වෙනසක් නෑ මන් ආස නෑ අනෙ ඕවට යන්න .අනික ගියා වගෙ නෙවෙයි එක එක්කාට අතට අත දෙන්නයි හිනා වෙන්නයි බදාගන්නයි මොන කෝලමක්ද. ඔක්කොමත් හරි එයාලගෙ ලමයි අරහෙමයි මෙහෙමයි කිය කිය එයාලගෙ පැටකිරිය දිග අරින්න ගියාම ඒවා අහන් ඉන්න තමයි බැරි.
"තාත්ති මට බෑ " මම එක හෙනාම ඒ යෝජනාව ප්‍රතික්ශේප කරා. තාත්තිගෙ මූන බලන් ඉද්දි මැලවිලා ගියා.
" ඕකේ හරි සුදු පුතේ .තිරනෙ වෙනසක් නෑනෙ " තාත්තා ආයෙමත් මගෙන් ඇහුවා.
"හැබැයි පුතාගෙ තීරනේ වෙනස් උනොත්"
" එහෙම වෙන්නෑ තාත්ති එහෙම උනොත් මන් සතියක් කිරිහොදියි බතුයි කනවා" අහ් ශිට් මොන කිරි හොද්දක්ද ඒ කිව්වෙ . මොනවද මන් ඒ කිව්වේ. කිරි හොද්දක් කොමද මගෙ ඔලුවට ආවේ
"අහ් මොකක් කිරි හොදි පුතා කවදද කිරිහොදි කන්න පටන් ගත්තේ" තාත්ති හයියෙන් හිනා උනා .
"මට බැ තාත්තියි අම්මියි පරිස්සමට යන්න" මන් එහෙම කියලා නැගිට්ටා ඒට් එක්කම තාත්තිට කොල් එකක් ආවා.
"නෑ නෑ මිස්ටර් සිල්වා මටයි වයිෆ්ටයි විතරයි ....ඔව් ඔව්...එනවා. පුතාද එයාට එන්න වෙන්නෑ .....මේ එයාට ලොකු එක්සෑම් එකක් තියේ....ඔව් ආසාවෙන් හිටියෙ මොනා කරන්නද...."
තාත්තිට සිල්වා අන්කල්ගෙන්ද කොහෙද කොල් එකක් මාත් අහන් හිටියා. එයා කියන්නෙ ඔය ලස්සනට මන් එන්නෑ කියලා.ආසාවෙන් කවුද අනෙ ආසාවෙන් හිටියෙ තාත්තිත් පව් ඒත් මන් ආස නෑ ඕවට .
ඉන්ටවල් එකෙන් පස්සෙ තිබ්බ පීරියඩ් එක මීඩියා අද අපේ මීඩියා මිස් නැති නිසා මම ඩෙස් එකට ඔලුව තියන් ඉන්නකොට ආදි ලගට ඇවිල්ලා මගෙ බඩට ඇන්නා.
"ඕයි නිකියෝ නැගිටපන්කෝ" මන් යන්නත් ඔලුව උස්සලා බැලුවා.
" මේ උබ එනවා නේද අර පාටි එකට අප්පච්චි ගෙන් බේරෙන්න බෑ බන් එන්න එන්න කියලා . හැමදාම බෑ කියනවා කියලා හොදට බැන්නා ආවෙ නැත්තම් යාලුවෝ එක්ක එලියට යන්න දෙන්නෑ කිව්වා.
මන් උබට කෝලුත් ගත්තා තොගෙ පොන් එකත් ඔෆ් . බැරිම තැන හසිතයට ගත්තා .මට ඇහුනා මහසෙන් අන්කල් ඌටත් හොදටම බනිනවා පස්සෙ අපි දෙන්නම කතා වෙලා යන්න තීරනෙ කලා . උබත් වරෙන් ඈ ."
යකෝ මුන් මාර යාලුවෝ ප්‍රතිපත්තියෙන් පිට ගිහින් නේද. එතකොට කිරි හොදියි බතුයි. නෑ නෑ ජීවිතේට නෑ තීරනෙ වෙනසක් නෑඅ
" උබල තමයි දවසකටත් මිනිස්සු .ප්‍රතිපත්තියෙන් පිට ගියා මන් යන්නෑ ඕකට උබලා පලයල්ලා" කමෝන් නිකිලයා පැරකුම්බා ගැම්ම ගනිම් හිතට.
"අඩෝ වයි බන් යමන්කො අපි වෙනුවෙ" ආදියා මාව හොලව හොලව කෑගහනවා.
" පිස්සුද බන් මන් තාත්ති එක්ක ඔට්ටුවක් ඇල්ලුවා එහෙම උනොට්ජ් කිරි හොදියි බතුයි සතියක් කන්න වෙනවා" මන් ඔලුවත් කහා කහා උන් දෙන්නට උන සීන් එක කිව්වා. ඒක අහලා උන් දෙන්න බඩ අල්ලන් හිනා උනා.
" අඩෝ වයි බන්.නිකිලයට කිරි හොද්ද හොදටම වැදිලා."
මන් උන් දෙන්නවත් දාලා යන්න හදද්දිම මන් දැක්කා චුටියි නීකීයි එනවා අපි ඉන්න පැත්තට.
" හායි නංගිලා කොහෙ යනගමන්ද මේ" හසිතයා නිකීගෙ මූනට එබෙන ගමන් ඇහුවා.
" අනේ මෙ හලෝ අපි කොහෙ ගියත් ඔයාට වැඩක් නෑනෙ." නීකි හසිතයට දෙවෙනි නෑ.හොද වැඩේ මූටත්.
"යකෝ මෙයාගෙ ගැස් බලන්නකෝ"
" ඇයි ඔයාට පෙන්නෙ මන් සිලින්ඩරයක් වගේද අනෙ මෙ හසිත මට ඔයා එක්ක කතාවක් නෑ. "
" මෙයා බලන්නකො මේ කොහෙවත් යන කෙල්ලෝ ෆෝම් කරන්න අපිට වෙලාවක් නෑ. හිතන් ඉන්නෙ මහලොකු කෑල්ල කියලා."
" කෑල්ලක් හරි සම්පූර්ණ එකක් හරි මමනේ ඔයාට වැඩක් නෑනෙ. බලන්න සෙනූ ඔයා හින්දා ආවා මිසක් මෙතෙන්‍ට මම එන්නෙත් නෑ ." නිකීට හොදටම මල පැනලා.
" නවත්ත ගනින් ගෑනි මිනිහයි වගෙ දකින තැන එල්ලෙනවා . විශාල කරදරයක් උනානෙ මේක " ආදි හසිතයවත් ඇදන් එහාට ගියා.
" සුදු අයියේ අපිත් යන්නම් . යමු නිකී" නිකීවත් එක්කන් චූටි ත් ගියා . මන් අර ඩබල පස්සෙන් ගියා.
Comments
Post a Comment